ISIS ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පවත්වන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසන්නේ බුද්ධි අංශ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවයි.

මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත පසුගියදා කමිටුවක් පත් කරනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම කමිටුව ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content