අයි.එස් ත්‍රස්ත සංවිධානය මගින් කොළඹ ප්‍රදේශයේ මර්මස්ථාන 7 කට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුමක් ඇති බවට වන වාර්තා පිළිබදව ආණ්ඩුව විසින් වහාම සොයා බලා වාර්තාවක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

බන්ධනාගාරගතව සිටින අයි.එස්.ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකු යැයි සැකකරන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කිරීමට කටයුතු කරනු ඇති බවටයි ඒ මහතා පුවත්පත් වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/10/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content