ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත් වුණා.

එහිදී පළමුවෙන් පැවති තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07න් පරජයට පත් කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 162ක් රැස් කළා.

පන්දු යැවීමේදී මෝහිට් ශර්මා ලකුණු 25ට කඩුළු 03ක් බිඳ හෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 27දී නොදැවී ලකුණු 44ක් සහ සායි සුදර්ෂන් පන්දු 36දී ලකුණු 45ක් රැස් කිරීමටයි සමත් වුණේ.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරඟයෙන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 20න් පරාජය කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 191ක් රැස් කළා.

එහිදී ඩේවිඩ් වෝනර් ලකුණු 52ක් සහ නායක රිෂාබ් පාන්ට් ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 31ට කඩුළු 03ක් බිඳහෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.

මෙහිදී අජින්ක්‍යා රහානේ ලකුණු 45ක් සහ මහේන්ද්‍ර සිං දෝණි නොදැවී ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් කඩුළු 03ක් සහ කලීල් අහමඩ් කඩුළු 02ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content