ඉන්දීය නාවික හමුදාවට අයත් “INS KABRA” නෞකාව නිල සංචාරකයක් සදහා ඊයේ(08) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

අදාළ නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කළ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Waterjet Fast Attack Craft (WJFAC) වර්ගයට අයත් ‘INS KABRA’ නෞකාව, දිගින් මීටර් පනහක් (50) හා නැවේ කාර්ය මණ්ඩලය පනස් පස් (55) දෙනෙකුගෙන් සමන්විත වනවා.

නෞකාවේ අණදෙන නිලධාරී, ‍ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් (Lieutenant Commander Ajith Mohan) සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවක් ඊයේ(08) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකර තිබෙනවා.

තවද, ‘INS KABRA’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුල නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බවයි නාවික හමුදාව පවසන්නේ.

නිල සංචාරය අවසන් කරමින් නෞකාව ජනවාරි 10 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි

WhatsApp Group

Skip to content