ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

අදාළ එකඟතාවයන් ලැබුණු පසු කාර්යමණ්ඩල අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.

WhatsApp Group

Skip to content