ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු ස්ප්‍රිං රැස්වීම් 2024 සඳහා සහභාගි වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ජාවක් පැවැත්වීය. උද්ධමනය අඩු කිරීම, රාජ්‍ය ආදායම් වැඩි කිරීම සහ පාලන ප්‍රතිසංස්කරණ ඇතුළු අංශ කිහිපයකින් ලබා ඇති ස්ථාවර ප්‍රගතිය පිළිබඳව සහ රජයේ කැපවීම පිළිබදව ශ්‍රී ලංකාවට ප්‍රශංශා කළා. ප්‍රතිසංස්කරණ දිගටම පවත්වා ගැනීම වැදගත් අවශ්‍යතාවයක් බව ඇය එහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සමීප සහයෝගීතාවය ආර්ථිකය පරිවර්තනය කිරීමේදී ප්‍රධාන වූ බවත්, ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල රටට දැන් ලැබෙමින් පවතින බවත් ප්‍රකාශ කළ අතර විශේෂයෙන්ම ගෝලීය ස්වෛරී ණය වටමේසයට නායකත්වය ලබා දීම තුළින් ණය පීඩාවට පත් රටවලට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දරණ උත්සාහයට ස්තුතිය පුදකළේය.

WhatsApp Group

Skip to content