ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩලයක එකඟත්වයකට එලඹුන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පවසන්නේ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධතාව, මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය අංශයේ ස්ථායිතාව සහ පාලනය ඇතුළු ප්‍රධාන ප්‍රතිසංස්කරණ සම්බන්ෂයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ශක්තිමත් ප්‍රගතිය ඉන් මනාව තහවුරු වන බවයි.

මීළග වාරිකය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම පූර්ව යෝජනා ක්‍රියාත්මක කරමින් ඉදිරි මාස දෙක තුළ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තවත් ප්‍රගතියක් අත්කර ගැනීමට සූදානම් බවයි අමාත්‍ය සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

2023 සිව්වන කාර්තුවේදී 4.5% ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති අතර එය ආර්ථික ස්ථාවරත්වයේ සිට වර්ධනයක් දක්වා පරිවර්තනය වීමේ ලක්ෂණයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
.
එය පසුගිය වසර 2 තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණයන්හි ප්‍රතිඵලක් බවයි ඒ මහතා පවසන්නේ.
එබැවින් මෙම ප්‍රතිසංස්කරණවලින් බැහැර වීම හෝ ආපසු හැරවීම ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව යළිත් පසුබෑමකට ලක්වීමට හේතුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එමගින් සමස්ත ශ්‍රී ලාංකකියන්ගේ සේ ම විශේෂයෙන්ම දුප්පතුන්ගේ සහ අවදානමට ලක්වූවන්ගේ යහපැවැත්මට බරපතල ලෙස අභියෝගයට ලක් විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
……………

WhatsApp Group

Skip to content