ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි කටයුතු සිදුකිරීමට රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බැවින් ප්‍රධාන දේශපාලන පක්ෂ ඊට සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.

ඒ තුළින් මෙරට ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට හැකි බවටයි ඒ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/PRIYANGA-DUNUSINGHE-EDIT-01.mp3?_=1

මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කාළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා.

https://www.vnews.lk/storage/2024/03/PRIYANGA-DUNUSINGHE-EDIT-02.mp3?_=2

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව පිළිබදව එහි නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ පක්ෂ නායකයින්ට සාකච්ඡාවක් ද ජනාධිපතිවරයා විසින් ලබාදුන්නා.

කෙසේ වෙතත් ඒ සදහා සමගි ජනබලවේගය මෙන්ම ජාතික ජනබලවේගය ඇතු`ඵ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ඒ සදහා සහභාගි වූයේ නැහැ.

ඉලෙංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පමණක් අදාළ සාකච්ඡාවට එක්වුණා.

WhatsApp Group

Skip to content