ආර්ථික අර්බුදයෙන් මිදීම සදහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ එම කැපවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබාදීම සදහා හේතුවක් වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ද මුදල් අමාත්‍යංශයේදී  පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී විධායක අධ්‍යක්ෂවරයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබාගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

WhatsApp Group

Skip to content