ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් යුක්රේනයට අමෙරිකානු ඩොලර් බිලියන 15.6ක ආධාර මුදලක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

කඩාවැටී ඇති යුක්රේන ආර්ථිකය යළි ගොඩනැගීම සදහායි මෙම ආධාර මුදල ලබා දී ඇත්තේ.

එහි පළමු වාරිගය ලෙස ඩොලර් බිලියන 2.7ක මුදල් මේ වන විට යුක්රේනය වෙත ලබා දී තිබෙනවා.

2025 වසර වන විට සම්පුර්ණ ආධාර මුදල ලබා දීමට අපේක්ෂිතයි.

යුක්රේණ ආර්ථිකය සියයට තිහකින් පමණ බිද වැටී ඇති අතර එය ගොඩගැනීම වෙනුවෙන් ඩොලර් බිලියන 150ක් පමණ වැයවනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content