ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අද සිට ආරම්භවනවා.

ඒ සඳහා එක්වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා.

අදාළ ණය සමාලෝචනය අද සිට ලබන 24 වනදා පැවැත්වෙනු ඇති.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා දිවයිනෙන් බැහැරව සිටීම හේතුවෙන් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අදාළ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය සමාලෝචනය පිළිබද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/SHEHAN-SEMASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content