ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන අපේක්ෂා කළ පරිදි මාර්තු මාසයේ නොලැබුණහොත් ඉදිරි කටයුතු සදහා මුදල් සංචිතයක් පවත්වාගෙන යාමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

රට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින බැවින් වියදම් කළමනාකරණය කළ යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

වසරක වියදම් ආවරණයට අයවැයක් සකස් කර තිබීම හේතුවෙන් තාවකාලික පදනමින් මුදල් නිකුත් කළ නොහැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content