දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා.

ඔවුන් ජනාධිපති ලේකම් ඇතුළු රජයේ නියෝජිතයින් සමග ද සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content