ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

හෙට සිට ලබන 17 වන දා දක්වා ඔවුන් මෙරට රැඳී සිටින බවයි මුදල් අමාත්‍යංශය සදහන් කළේ.

මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීමත් සමග මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම එම කණ්ඩායම විසින් සිදු කිරීමට නියමිතයි.

එම නියෝජිතයින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශ සහ මහ බැංකු නිලධාරින් සමග සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content