ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන් අනතුරුව තුන්වන වාරිකය මෙරටට නිදහස් කර ගැනීමට හැකියාව ඉන් ලැබෙනු ඇති බවයි.

ඉහළ දැමූ වැට් බද්ද ව්‍යාපාරිකයින්ගෙන් අනිවාර්්‍යයෙන්ම ලබා ගැනිමට ඉදිරියේදී කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් පිරිස් රජයට බදු නොගෙවා ඉහළ දැමූ බදු මුදල් සිය ලාභය බවට පත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

WhatsApp Group

Skip to content