ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල එකගතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන වාරිකය ලැබෙන බවයි ඔහු සදහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකගතාවන් ද නුදුරේදීම අවසන් කළ හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ දුෂණය අවම කිරීම සහ විනිවිද භාවය වැඩි කිරීම රජයේ ප්‍රධානතම අරමුණ බවයි.

https://www.vnews.lk/storage/2023/10/SHEHAN-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content