ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ලෙසයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ. එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරින් සහභාගි වනු ඇති .
මේ එ පිලිබඳව අදහස් පල කල මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා .

https://www.vnews.lk/storage/2023/09/SEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

ඉන් අනතුරුව මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සදහා අත්සන් තැබීම අද දිනයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා .

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස එම ගිවිසුමට අත්සන් තැබීමටයි නියමිතව ඇත්තේ.
මෙම ගිවිසුම අත්සන් තැබිමෙන් අනතුරුව මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය මෙරටට ලැබීමට නියමිතයි.

WhatsApp Group

Skip to content