ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කණ්ඩායම ලබන හතර වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමටයි නියමිතව ඇත්තේ.

එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය අරමුදලේ මෙම දූත කණ්ඩායම සමග මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ මූලික සාකච්ඡාවක් පමණක් සිදු කෙරෙන බවයි.

එහි ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවක් ඔක්තෝම්බර් මස අග භාගයේදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බවද ඔහු තවදුරටත්පවසා සිටියා.

WhatsApp Group

Skip to content