ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් මෙම සතියේ පැවැත්වෙනවා.

ඒ සදහා සහභාගී වන අයි එම් එෆ් නියෝජිතයන් හෙට දිවයිනට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් මෙසේ පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමග ක්‍රියාත්මක කරන වැඩසටහනේ ප්‍රගතිය එහිදී සළකා බැලෙනු ඇති.

WhatsApp Group

Skip to content