ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා පවසයි.

ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමු වූ අවස්ථාවේ දීය.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පළ කළ සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වේගවත් නැගී සිටීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ඇතුළු රටවල් කරුණු විමසන බවයි.

විශේෂයෙන්ම බදු ක්‍රමය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මෙහි දී කරුණු සාකච්ඡා කර තිබේ.

මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය හුදෙක් ආර්ථික අතින් පමණක් නොව ලොව හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය යළි තහවුරු කර ගැනීමට හේතු වූ බවයි.

WhatsApp Group

Skip to content