ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික ජේ ෂා නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා.

ඔහු වාර්තා අතරට එක්ව ඇත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසයි.

35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කරනු ඇති.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික ග්රෙග් බාර්ක්ලේ කටයුතු කරනු ලබනවා.

අයි.සී .සී යේ නව සභාපති ජේ ශා , ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් වරයා ද වනවා.

WhatsApp Group

Skip to content