ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute (GGGI) හි සභාපති, බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දකුණු කොරියාවේ සෝල් (Seoul) හිදී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහයෝගීතාවය අගය කළ බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත වර්ධන ආයතනය ( GGGI ) අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සහ විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට සහතික විය.

“පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය සහ අපේ නගර හරිතකරණය කිරීම සඳහා මැදිහත්වීම් තුළින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකා රජය සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයා සමඟ පැවසීය.

දූපත් රටක් වශයෙන් අප දේශගුණික බලපෑම්වලට ගොදුරු වීමට අතිශයින් ඉඩ ඇති අතර එම බලපෑම්වලින් අපගේ ජනතාව සහ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවත් රජයේ මෙම හරිතකරණයේ වර්ධන ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා ගෝලීය හරිත වර්ධන ආයතනය සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම ගැන සතුටු වන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

WhatsApp Group

Skip to content