ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙහෙයවන Fifa Series පාපන්දු තරගාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වීම සඳහා පුහුණු තරගයක් පසුගියදා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා New Star කණ්ඩායම මෙහිදී තරඟ වැදුනා.

Fifa Series සඳහා ශ්‍රි ලංකාව, භූතානය, පැපුවා නිව්ගිනියා සහ Central Africa යන රටවල් තරග වැදෙනු ඇති.

එළඹෙන 22 සහ 25 යන දෙදින තුළදී තුරඟ තරග පිටියේදී තරග පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ භූතානය හා පැපුවා නිව්ගිනියා සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායම Fifa Series තරගාවලියට සූදානම් කිරීම තරඟයේ අරමුණයි.

WhatsApp Group

Skip to content