පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවින් 5 දෙනෙකු ඇතුලු 27 දෙනෙක් සාදයක් පවත්වමින් සිටියදී කහතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කහතුඩුව ප්‍රදේශයේම මහල් නිවාස සංකීර්ණයක පැවති මේ සාදයේ දී මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලැබුනු තොරතුරක් ඔස්සේ සිදු කළ මෙහෙයුමකදීයි.

පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගනුම ලබන සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා FACEBOOK හරහා ආරාධනා ලැබ කහතුඩුව – උඩුවන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකට පැමිණි විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරන බවට තොරතුරක් කහතුඩුව පොලිසියට ලැබී තිබිණ.

ඒ අනුවයි ඊයේ රාත්‍රියේ කහතුඩුව පොලිසියේ විශේෂ පොලිස් කණ්‌ඩායමක් අදාල සාදය පැවැති නිවාස සංකීර්ණයට පැමිණ සාදයට එක්ව සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content