2024 ජූනි 19 සහ 20 සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි පැවැත්වීමට නියමිත 14 වැනි ණය කළමනාකරණ පහසුකම (ඩීඑම්එෆ්) පාර්ශ්වකරුවන්ගේ සංසදයට ශ්රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි වන අතර එහි දී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.
මෙම සමුළුවේ දී ස්වෛරී ණය කළමනාකරණයේ අනාගතය, ණය විනිවිදභාවයේ මුලපිරීම් ප්රවර්ධනය කිරීම, දේශීය වෙළඳපල සංවර්ධනයේ ප්රයත්නයන් ඉදිරියට ගෙන යාම සහ හොඳ ණය කළමනාකරණ පිළිවෙත් වෙනුවෙන් පෙනී සිටීම යන කරුණු පිළිබදව සාකච්ජා කිරීමට නියමිතය.
ණය කළමනාකරණ පහසුකම (DMF) 2008 වසරේ දී ලෝක බැංකුව විසින් දියත් කරන ලද අතර 2014 වසරේ සිට ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඒකාබද්ධව පරිපාලනය කෙරේ.
බහු පරිත්යාගශීලීන්ගේ භාර අරමුදලක් වන ණය කළමනාකරණ පහසුකම, සංවර්ධනය වෙමින් පවතින රටවල් 86 කට විශේෂඥ ණය කළමනාකරණ උපදෙස් ලබා දීම සඳහා දායක වී ඇත.

WhatsApp Group

Skip to content