ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Future Creations ආයතනය (TIFC) සහ London College of Fashion (UAL) සහ Chamber of Ethical Lifestyle Enterprises (CELE) ඇතුළු පාර්ශ්වකරුවන්ගේ සහයෝගීතාවයෙන් “Creative Sri Lanka 2030” ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

මෙම සහයෝගීතා ප්‍රයත්නයේ අරමුණු වන්නේ ආචාරධාර්මික, තිරසාර නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, අගය එකතු කළ නිෂ්පාදන අපනයනය වැඩි කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා නිර්මාණාත්මක කර්මාන්තයේ උපරිම දායකත්වයක් ලබා දීමයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉහළ දායකත්වයක් සහිත ගෝලීය නිර්මාණාත්මක කර්මාන්තය ලොව පුරා වේගයෙන්ම වර්ධනය වන ආර්ථික අංශයක් ලෙස කැපී පෙනෙන අතර රටවල් ගණනාවක දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දායකත්වයක් සපයන සැලකිය යුතු අංශයකි.

ශ්‍රී ලංකාවට ආවේණික ශිල්පීය හැකියාවන්, සංස්කෘතික විවිධත්වය සහ ස්වභාවික සම්පත්වලින් පොහොසත් වීම සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක කර්මාන්තයට මෙරට ආර්ථිකයට දායක වීම පිණිස සැලකිය යුතු විභවයක් ඇත.

මේවා කලාව, අත්කම්, නිර්මාණ, විලාසිතා, සිනමාව, ප්‍රාසාංගික කලාව, උරුමයන්, ගෘහ නිර්මාණ ශිල්පය, ශ්‍රී ලංකාවේ ආහාරපාන සහ තවත් බොහෝ නිර්මාණාත්මක කර්මාන්ත සඳහා පදනම සපයයි.

WhatsApp Group

Skip to content