පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව ප්‍රචාරය කළ වීඩියෝව පිළිබදව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිදු කළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්්‍යුත් නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙහිදි චැනල් ෆෝ නාලිකාව නිකුත් කළ වීඩියෝ පටය මගින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට චෝදනා එල්ල වුණා.

තමන් විසින් මීට පෙර එම චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී තිබියදී අදාළ නාලිකාව විසින් සිතාමතාම තමාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවටයි රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා විසින් බ්‍රිතාන්‍ය විද්්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත්තේ.

මේ අනුව අදාල වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content