පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම සහ බෝම්බකරුවන්ට සහය වීම යන චෝදනාව වසර 36ක් පුරා රට වෙනුවෙන් සේවයට කැපවූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව සිදු කිරීම ආරක්ෂක අමාත්‍යාංශය තරයේ හෙළා දැක තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 වැඩසටහනේ චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා .

එවැනි ද්වේෂසහගත සහ තහවුරු නොකළ කරුණු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාව වෙත සිය බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ .

WhatsApp Group

Skip to content