ආරක්ෂිත කැමරාවලින් හඳුනාගන්නා නීති උල්ලංඝනය කරන රියදුරන්ට අදාළ දඩ කොලය වාහන හිමිකරුවන්ට ලබා දීමට ගෙන තිබෙන තීරණයට දැඩි ලෙස විරෝධය දක්වන බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය පවසනවා.

මේ හේතුවෙන් අදාළ දඩ කොලය වරද සිදු කරන රියදුරාටම ලබාදෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් හා වැඩබලන පොලිස්පතිවරයාගෙන් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලිඛිතව ඉල්ලා ඇත්තේ.

කොළඹ නගරයේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාවලින් නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනාගෙන ඊට අදාළ දඩ කොළ වාහන හිමියන්ට ලබා දීමේ වැඩපිළිවෙල අද දින සිට ක්‍රියාත්මක වුණා.

WhatsApp Group

Skip to content