ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ අමාත්‍ය ධුරයෙන් සහ සියලම තනතුරුවලින් ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යවරයා ඉවත් කිරීමට අදාළ ලිපිය අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රොෂාන් රණසිංහ මහතාට භාරදී ඇති බවද වාර්තා වනවා.

ඒ අනුව රොෂාන් රණසිංහ මහතා දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබෙනවා.

මෙම කැබිනට් හමුව අද පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 3 හි පවත්වා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content