Author: VNews

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළා. මාර්තු මස 09වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සිය`ඵම දිස්ත්‍රික්කවලින් මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති බව ද සඳහන්. ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆෙ, ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ,…

තව කියවන්​න

බිත්තරයක මිල තවදුරටත් පහත දැමිය හැකි බව අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර මිල අඩු කිරීමත් සමඟ වෙළඳපොලේ බිත්තර හිඟයක්ද මතු වී ඇති බවයි බිත්තර සංගම් පවසන්නේ. මේ අතර කුඩා පරිමාණ සහ මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදකයින් වර්ග දෙකක් සිටින අතර කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා බිත්තර නිෂ්පාදනයට රුපියල් 46ක මුදලක් වැය වන බවත්, මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට රුපියල් 36ක මුදලක් වැය වන බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළා. ගැසට් පත්‍රයට අනුව ඒ තුළින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් සිදු වන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.

තව කියවන්​න

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද පැවත්වෙනවා. ඒ, රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අය කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි . වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි. මේ අතර නව සේවක වැටුප් බදු ක්‍රමය අනුව ජනවාරි මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බදු ගෙවන සේවක පිරිස 200කට වැඩි වන බව වාර්තා වනවා. එම පිරිස අතර රියදුරන් ද…

තව කියවන්​න

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් ඩිස්කෝ නැමැති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය හතලිස් දෙහැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ නිවස පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධ හතරක් සහ ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 14ක් සොයා ගෙන ඇති බව සඳහන්. මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව ප්‍රංශයේ සිටින රූබන් නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සෘජු සම්බන්ධතා පවත්වන බවටයි අනාවරණය වී ඇත්තේ. පොලිස් විශේෂ බලකාය මඟින් මෙම ඩිස්කෝ නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන කාන්තාව පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆ්රල්, කැෆෙ, ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවයි ඔහු කියා සිටියේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, සෙසු සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි. මේ අතර, පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ…

තව කියවන්​න

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් තිබෙනවා. මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් විසින් ඊයේ සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මෑත කාලයේ දී ප්‍රචන්ඩකාරී ක්‍රියා දිගින් දිගටම ජෙරෙස් නගරයෙන් වාර්තා වූ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රධාන මර්මස්ථානයක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ.

තව කියවන්​න

මෙවර නිදහස් දිනය වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා. දෙමළ ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් නිසි ආකාරයෙන් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සන්ධානය අවධාරණය කර සිටියේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේ නිදහස ලැබුණු විගසම ප්‍රජාතන්ත්‍රවාදය යන මුවාවෙන් එය බහුතරවාදයක් බවට පත් වී ඇති බවයි. මේ හේතුවෙන් රටේ ජීවත් වන සු`ඵ ජනතාවට නිදහසක් නොලැබීම කණගාටුදායක බවයි ඔහු අවධාරණය කර සිටියේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ නිදහසෙන් පසුව මේ සැමරීමට යන්නේ මළවුන්ගේ නිදහස බවයි.

තව කියවන්​න

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවට සැක සහිත සාමාන්‍ය ඇඳුමෙන් සැරසි අධිකව බීමත්ව සිටි පිරිසක් මහනුවර නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ අද අලුයම් කාලයේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැක කටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වූයේ මොවුන් සතුව හැඳුනුම්පත් නොමැති බවත්, ඔවුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත්ය. එම පිරිසෙන් පස් දෙනෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේලා බවත්, එක් අයෙකු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන භික්ෂූන් වහන්සේ නමක් බවටත් සොයා ගෙන තිබෙනවා. මොවුන්…

තව කියවන්​න

ගිනිකොණ දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළමු වන දින දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟා වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් අද සවස් කාලයේ සිට දිවයිනේ වැසි ඇති විය හැකි අතර විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණාරත්න මහතා කියා සිටියා.

තව කියවන්​න

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඒ ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යමින් සිටියදීයි. අමාත්‍යවරයා මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපු ප්‍රදේශයට දෙවරක් වෙඩි තබා ඇති අතර අමාත්‍යවරයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට ද වාර්තා වනවා. කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙය, යහපත් ආදර්ශයක් නොවන බවයි.

තව කියවන්​න