Author: VNews

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. චීන සමාගමක් විසින් අදාළ නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය පැවසුවේ. සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කර ගනිමින් මෙම සිය`ඵ කටයුතු සිදු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ. මෙම නෞකාව 2021 වසරේ මැයි මාසයේදී ගිනි ගැනීමට ලක්ව පසුව මුහුදුබත් වුණා. ඒ වෙනුවෙන් අධිකරණ නියෝග මත ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 10ක වන්දියක් ගෙවීමට ද අදාළ සමාගම පියවර ගෙන තිබුණා.

තව කියවන්​න

මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කළ ඉල්ලීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ එකඟත්වය දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය සඳහා ජල විදුලි උත්පාදනය කිරීමට ප්‍රමාණවත් ජලය ජලාශවලින් නිකුත් කිරීමට එකඟත්වය හිමිව ඇති බව සඳහන්. මේ අතර 43 වෙනි සේනාංකයේ නියෝජිතයින් උසස් පෙළ කාල සීමාවේ සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද මානව හිමිකම් කොමිසම හමුවට පැමිණියා. එම නියෝජිතයින් මාධ්‍ය වෙත පැවසුවේ විදුලිය ලබා දීම සඳහා අමතර බිලියන 5ක් අවශ්‍ය බවට විදුලි බල අමාත්‍යවරාය කළ ප්‍රකාශය අසත්‍ය බවයි. මේ අතර අද සහ හෙට විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. එම මණ්ඩලය පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවලට…

තව කියවන්​න

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවයක නිරත වුණා. ඒ වරාය ප්‍රධාන පිවිසුම අසලදියි. විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් රැසක්ද එම ස්ථානයට කැඳවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ. නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වරාය සේවකයින් පවසන්නේ. රජය විසින් පනවා ඇති බදු ඉවත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවද විරෝධතාවට එක් වූ වරාය සේවකයින් පැවසුවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරිම්භාර නිලධාරින්ගෙන් ලැබුණ බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීමට සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි එම කොමිසම පැවසුවේ. එමෙන්ම අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණයට මුදල් ලබා දීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් පළ කළා. මේ අතර ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, පැෆරල්, කැෆේ, ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි. කෙසේ වෙතත් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ, නිරීක්ෂණ…

තව කියවන්​න

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සම්පූර්ණයෙන් පක්ෂපාති ලෙස කටයුතු කරන බව මැතිවරණ අධ්‍යයන ආයතනය චෝදනා කරනවා. එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම නීතියට අනුකූල නොවන ලෙස කටයුතු කරන බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ පවසා ඇති බවයි. මෙය බරපතල කාරණයක් බවද මංජුල ගජනායක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

තව කියවන්​න

රට තුළ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදු කරන මග පෙන්වීම් අනුව ක්‍රියා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම වසර තුළ 3.5% ක සෘණ ආර්ථිකයක් බලාපොරොත්තු වන බවත් 2024 වසරේදී එය ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීයි. මේ අතර ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. නව බදු ලෙස එරට මුදලින් රුපියල් බිලියන 200ක් උපයා ගත හැකි ආකාරයට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවයි වාර්තා…

තව කියවන්​න

චීනයේ එක් තීරයක්, එක් මාවතක් යන සංකල්පය හරහා ක්‍රියාත්මක ව්‍යාපෘති හමුවේ එහි හවුල්කාරි රටවලට සෘණාත්මක බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා. චීනයේ  BRI ව්‍යාපෘති ක්‍රියාත්මක සැම්බියාව, පාකිස්ථානය, ලාඕසය, ඇන්ගෝලාව සහ ශ්‍රී ලංකාව යන රටවල කරුණු විශ්ලේෂණය කිරීම හරහා ලබා ගත් තොරතුරු අනුව එම වාර්තාව සකස් කර තිබෙන බව සඳහන්. අදාළ රටවල දේශපාලන මෙන්ම සමාජීය අර්බුද නිර්මාණය වීමට චීන ව්‍යාපෘති බලපා ඇති බවද අදාළ වාර්තා මඟින් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම චීන ව්‍යාපෘති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ ගොස් රටේ ස්වෛරීත්වය ද අහිමි වී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

තව කියවන්​න

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීමේ අවසන් තීන්දුව ලැබෙන තුරු ඔහුට සිය`ඵම ආකාරයෙන් ක්‍රිකට් තහනම් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කර තිබෙනවා. පසුගිය පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරග සංචාරය තුළ සිදු වූ සිදුවීම් පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත භාර දී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ්‍රලියානු තරඟ සංචාරයේ වාර්තාව වෝහාරික විගණනයක් සඳහා විගණකාධිපතිවරයාට ද යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. පසුගිය වසරේ නොවැම්බර් මස 06 වන දා ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනුණේ කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා හතරක් යටතේයි.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථාන සිසුවියන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීම තහනම් කිරීමට තලෙයිබාන් පාලනය තීරණය කර තිබෙනවා. ලබන මාසයේ සිට මෙම තීරණය ක්‍රියාත්මකයි. තලෙයිබාන් පාලනය යටතේ එරට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. එය පෞද්ගලික විශ්ව විද්‍යාලවලටද අදාළ වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

විදුලි බිල ඉහළ දමන්නේ නම් අනිවාර්යෙන්ම පාන් ඇතු`ඵ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ බේකරිවල විදුලි බිල දැනටත් පැවතුණ මිලට වඩා දෙගුණ වී ඇති බවයි. මේ වන විට බේකරි කර්මාන්තයට අවශ්‍ය පාන් පිටි, බිත්තර සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත්, ඉන්ධන සහ විදුලි බිල ඉහළ යාම හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් ව ඇති බව ද ඔහු පැවසුවා. මෙම තත්ත්වය මත යම් හෙයකින් විදුලි බිලද යළි ඉහළ දමන්නේ නම් පාන් ඇතු`ඵ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ.

තව කියවන්​න