- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
- ඩිස්ට්‍රප්ට් ආසියා 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
- 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි
Author: VNews
නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාති පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පක්ෂ කාර්යාලයට ගල්මුල්වලින් පහර දෙමින් එය ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ. පක්ෂ කාර්යාලයේ පිටතින් නවතා තිබුණු වාහනවලටද ගිනි තබා තිබෙනවා. නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා සිටියා. නජයිජර් රාජ්‍යයේ දේශසීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ බවටයි එරට හමුදාව නිවේදනය කළේ.
ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණෙන බවයි. එම දූත පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.
කුවේට් රාජ්‍ය විසින් ශ්‍රී ලංකික පුද්ගලයකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. එරට රජය විසින් සිරකරුවන් 05 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති අතර එම පිරිසට මෙම ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද ඇතුලත් බව සඳහන්. එමන්ම පුද්ගලයින් 27 දෙනෙකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ අයෙක්ද ඒ අතර වනවා.
මුලතිව්,කොක්කුතුඩුවායි මිනිවළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස හා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අද(28) උතුරු නැගෙනහිර පළාත්වල හර්තාලයක් පවත්වන බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සඳහන් කරනවා. අතුරුදහන්වූවන්ගේ හර්තාලයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයද ප්‍රකාශ කළා. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ හර්තාලය වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙන බවයි. උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඒකාබද්ධව හර්තාලය කැඳවා ඇති අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍ය හමුවක් පවත්වා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ අතුරුදහන්වූවන්ගේ ගැටළුවට දේශිය යාන්ත්‍රණයකින් ස්ථිර විසදුමක් නොලැබෙන බවයි. මුලතිව්,කොක්කුතුඩුවායි ප්‍ර දේශයෙන් හමුවු මිනිවළ තුළ අතුරුදහන්වූවන්ගේ මිනිස් අස්ථි කොටස් පවතින බවට තමන් සැක කරන බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීන්…
සෞඛ්‍ය අමාත්‍යංශය වෘත්තිය සමිති දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇති බව පරිපුරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ රවී කුමුදේශ් මහතා කියා සිටියේ සෞඛ්‍ය විනය නීති දේශපාලනිකකරණය වී ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළා.
පාසල් සපත්තු සහ බෑග් මිල අද සිට සියයට 10 කින් පහත දැමීමට නිෂ්පාදකයින් එකඟතාව පළකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මුදල් අමාත්‍යංශයේදී නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදීයි ඔවුන් ඒ සඳහා එකඟතාව පළකර ඇත්තේ. දැනට වෙළඳපොළේ පවතින තොගද සංශෝධිත මිලට ලබාදීමට නිෂ්පාදකයින් කැමැත්ත පළකර තිබෙනවා.
කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත් කිරීම සිදුකර ඇත්තේ. එළැඹෙන අගොස්තු මස 24 වනදා සිට අදාළ පත්වීම ක්‍රියාත්මක වනු ඇති. නව උපකුලපතිනිය පත්කර ඇත්තේ වසර තුනක කාලයක් සඳහායි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය ජනපති වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවු අවස්ථාවේදීයි. අදාළ හමුවෙන් පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා. මේ එම මාධ්‍ය හමුවේදී අදහස් පලකළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා.
අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මෙම සති අන්තය වන විට අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. ඊයේ පැවති මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා විසින් නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නා. මේ දිනවල අස්වැසුම වැඩසටහනට අදාළව අයදුම්පත්‍ර සහ බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදුකෙරෙනවා. අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට පසුගිය දිනවල බැංකු ගිණුම් විවෘත කිරීම සදහා දිගු පෝලිම් පැවති අතර ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.
පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැති නමුත් අනතුරින් පසු එහි සිටි 40 දෙනෙකු මුදාගෙන තිබෙනවා. තවදුරටත් යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222