- ශ්‍රී ලංකාවට ලකුණු 170ක ඉලක්කයක්
- ලෝක උණ ශාක දිනයේදී පැල 500ක් රෝපණය කරයි
- ගාසා තීරයේ සිදු වූ මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශේෂ අණාවරණයක්
- සුභ සාධක සංගමයට නව කොමසාරිස්වරයෙක් පත් කෙරේ
- ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමග 4ක් මාට්ටුවෙයි
- දහම් අධ්‍යාපනය සඳහා ප්‍රායෝගික විෂය නිර්දේශයක් – හරිනි අමරසූරිය
- ඩිස්ට්‍රප්ට් ආසියා 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
- 2026 විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි
Author: VNews
ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා 9 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. සී.ඒ.ජී. ද සොයිසා මහතා එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර, ආචාර්යය ජයලත් ඉලංගකෝන් මහතා කමිටුවේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා.
ජනාධිපතිවරයා මැතිවරණය ඉලක්ක කරමින් උතුරේ ජනතාව රවටමින් සිටින බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. එහි දේශපාලන සභික නලින්ද ජයතිස්ස මේ බව සදහන් කලේ ජන හමුවකට එක්වෙමින් . මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාද මැතිවරණය සමබන්ධයෙන් අදහස් පල කළා.
රුපියල යථා පරිදි ශක්තිමත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලපිටිය මහතා පවසනවා . එමෙන්ම බැංකු පොලි අනුපාත අඩු වීම සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කලා . අමාතයවරයා මේ බව සදහන් කලේ මහනුවර ප්‍රදේශයේදී.
අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ගෙවීම් ප්‍රතිලාභීන්ට බැර කරන බැවින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසයි. අස්වැසුම ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා අද සහ හෙට විවෘත කිරීමටද මීට පෙර තීරණය කෙරුණා. එමෙන්ම රාජිය අමත්‍ය ජගත් කුමාර මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කලා. මේ අතර අස්වැසුවා සුබසාධන වැඩසටහන වෙනුවෙන් හමබන්තොට දිස්ත්‍රික්කයේ සියලු මහජන බැංකු අද දිනයේත් විවෘත කර ඇති…
ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සකස් කර ඇති අලි මිනිස් ගැටුම පිළිබඳ ජාතික ප්‍රථිපත්තිය මේ වන විට පවතින අලි -මිනිස් ගැටුමට 80% ක පමණ විසඳුම් ලබා ගත හැකි බවත්, රජයෙන් හා ජාත්‍යන්තර සංවිධාන , ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙන්ම, අලින්ට හා මිනිසුන්ට ආදරය කරන සැමගෙන් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට එකතු වෙමු, උදව් කරමු යැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනඅලි ගම්මානයන්හී නිරික්ෂණචාරිකාවකින් අනතුරුව පරිසරවේදීන්ගේ හා සත්වවේදීන්ගේ සංවිධාන කීපයක් පැවසුුුවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජනයන්ට නිරන්තරයෙන් මුහුණ දෙන ගම්මාන කීපයක් වෙත ගොස් එම ගම්මාන වල ජනතාවට වන අලින්ගෙන් සිදුවන හානී හා එම හානී අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් එම ගම්මානයන්හී නිරීක්ෂණ චාරිකාවක් පරිසර සංවිධාන, සත්ත්ව…
ලෝක ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජැමෙයිකාව හමුවේ පරාජයට පත්වුණා. ඒ, ලකුණු 105 ට 25 ක් ලෙසින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තරගවැදීමට නියමිතයි. මේ අතර සිම්බාබ්වේ සමඟ පැවති තරගයෙන් ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමට ජය හිමිවී තිබෙනවා.
අනුරාධපුරයේ පැවැත්වෙන පිච්ච මල් පූජාව වෙනුවෙන් ගමන් ගන්නා බැතිමතුන් උදෙසා විශේෂ දුම්රියක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ ඉදිපොලගේ මහතා පැවසුවේ, අද පෙරවරු 8.00 ට අනුරාධපුරය දක්වා මෙම දුම්රිය ධාවනය වු බවයි. එම දුම්රිය නැවත හෙට පෙරවරු 9.30ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන බව ඉදිපොලගේ මහතා සඳහන් කළා.
16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය දකුණු අද සිට අප්‍රිකාවේ දී ආරම්භ වනවා. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාග වන අතර, ශ්‍රී ලංකාව විසින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගී වෙන 11 වැනි තරගාවලිය ලෙසයි මෙය වාර්තා වන්නේ. දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 16 වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පවත්වා ඇති අතර, ඒ අතරින් එකොළොස් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනක දී දැල්පන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත්තේ රටවල් 10කට පමණයි. ශ්‍රී ලංකාවත් ඒ රටවල් 10 අතරට එක් වීම විශේෂත්වයක්.
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටින්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා. දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමිනුයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ. යුනෙස්කෝව පෙන්වා දෙන්නේ වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවයි. සෑම විට ම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ සිය විරෝධය පළකරන බවයි එම සංවිධානය පවසා සිටින්නේ. කොවිඩ් සමය තුළ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම වාසි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222