- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර ආයුර්වේද පනත සංශෝධනයට කරමින් පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදංචිය පිළිබඳ ගැටලු විසඳීමට නව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව ඔහු සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .
මියන්මාරයේ පතලක සිදු වූ නාය යාමකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම නාය යාම හේතුවෙන් තවත් පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව අතුරුදක් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා. මියන්මාරයේ සිදු කරන ලබන පතල් කර්මාන්තය ලාභදායී ව්‍යාපාරයක් වුවද 2020 වසරේ සිට මේ දක්වා මරණ 170ට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
Step Forward 2023 – ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක්ද සංවිධාන කර තිබූ අතර ඒ සඳහා ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ආචාරය කැළුම් සුජිත් පෙරේරා , ලේකම් චන්න තිලකරත්න සහ විද්‍යාලයේ සහකාර විදුහල්පති චතුරිකා ඉලංගතිලක යන අය සභාභාගී වුනා.එහිදී පාගමනේ නිල ටී ෂර්ටය ජනගත කිරීමද විශේෂත්වයක්. වසර 94ක ඉතිහාසයකට හිමිකම් කියන ලුම්බිණි විද්‍යාලය මෙම පාගමන වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ විද්‍යාලයේ අභිවෘධිය වෙනුවෙන්. සැප්තැම්බර් 23 පෙරවරු 09 ට පාගමන ලුම්බිණි විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.අනතුරුව පා ගමන තිඹිරිගස්යාය දක්වා ගමන් කොට , නැවත ඇන්ඩර්සන් පාර ට පැමිණ නුගේගොඩ හරහා ලුම්බිණි ප්‍රථමික…
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණේ මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ බී-ලව් කැන්ඩි කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමමින්. ඒ අනුව තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට අහිමි වුණා. දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබූ අතර, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද ඊයේ නිල වශයෙන් අවසන් වටයේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සඳහන් කර ඇත්තේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවද සඳහන්.
විශාල ප්‍රචාරයක් ලබාදෙමින් ආරම්භ කළ අස්වැසුම සුභසාධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එමෙන්ම ඉදිරියේදී සමෘද්ධි ව්‍යාපාරය විනාශ වීමේ අවදානමක් මතුව ඇති බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
ඉන්දියාවේ 77 වන නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව 77 වන නිදහස් දිනය නවදිල්ලි නුවර රතු බලකොටුවේදී පැවැත් වුණා.ඒ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සමරනු ලබන දස වන නිදහස් දින සැමරුම් උළෙල මෙය වනවා. මෙවර එහි තේමාව වූයේ ජාතිය නිරන්තරයෙන් ප්‍රමුඛය යන්නයි. 1619 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ සූරත් හි ආරම්භ කළ වෙළද සමාගමක් වන ඊස්ට් ඉන්දියා සමාගම හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වසර 150 ක් ඉන්දියාව පාලනය කරනු ලැබුවා. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, සුභාෂ් චන්ද්‍රබෝස් වැනි සටන්කාමීන් ඉන්දියාවේ නිදහස වෙනුවෙන් සටන් කර තිබෙනවා. ඒ අනුව 1947 වසරේදී ක්විට් ඉන්දියා ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයන්ගෙන් එරට මුදවා ගනු ලැබුවා.
හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ ඛනිජ තෙල් පිරිපහදුව සඳහා වූ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ හම්බන්තොට ඔයිල් රිෆයිනර් සමාගම අතර ගිවිසුම්ගත වීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 17 වන දා කැබිනට් අනුමැතිය ලබා දී තිබුණා. කෙසේ වෙතත් මේ දක්වා අදාළ සමාගම ඉඩම් ලබාගැනීම හෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තා වනවා. ඒ හේතුවෙන් අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම අහෝසි කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
අක්‍රීයව පැවති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රී 8 ට යළි ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එහි අලුත්වැඩියා කටයුතු මේ වන විට අවසන් කෙරෙමින් පවතින බවයි. පසුගිය 8 වන දා නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හදිසියේ බිඳ වැටුණා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. අද පස්වරු 7.30 ට මෙම තරගය ආරම්භ වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසකම් ලබා ගනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222