Author: VNews

වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශ ගතවීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 4000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට රට හැර ගොස් ඇති බවයි. එමෙන්ම සියලුම වෘත්තීයවේදීන් අද ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් යෝජනාවලියක් භාරදෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.

තව කියවන්​න

වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන 6.45 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මොවුන් දිවයිනට පැමිණියා. මෙම පිරිසෙන් වැඩි දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, සෙසු අය පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වනවා . මොවුන් සිය ගිවිසුම්ගත රැකියා ස්ථාන වලින් පළා ගොස් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට පසුව ඇති වූ ගැටළු මත නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සුරැකුම් මධ්‍යස්ථාන වල රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන සමය තුළ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. යාපනයේ කාන්තාවන් ජාවාරමක් ලෙස ළමුන් රැගෙන් විත් හිඟමන් යැදීමේ නිරත වීම හේතුවෙන් යාපනය දිසාපතිවරයා සහ කෝවිලේ භාරකාර මණ්ඩලය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ වන විට යාපනය පොලිසියට එම තීරණය දැණුම් දී ඇති අතර කුඩා දරුවන් ළග තබා ගෙන සිඟමන් යදින පිරිස් සහ කෝවිල තුළ සිගමන් යදින පිරිස් ද අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

තව කියවන්​න

කහටගස්දිගිලිය ප්‍රදේශයේන් අඩු පහසුකමින් ක්‍රීඩා දක්ෂතා පෙන්වමින් රටහි විවිධ පහසුකම් ඇති පාසල් ඉදිරියේ ආනේක දුස්කරතා මැද පාසලේ නම ට අභිමානයක් එක් කරමින් ඉදිරියටම යන සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව පසුගිය මාසයේ අප V FM News මගින් වාර්තා  කිරිමත් සමග රට පුරා විසිරි සිටින එම පාසලේම අධ්‍යාපන ලැබු ආධි සිසුන් හා අප කෙරෙහි විස්වාසය තැබු බොහො පිරිසක් එම පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නන්වාලීම උදෙසා පාසල් උපකරණ ලබා දීමකට කටයුතු කර තිබුුුනා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව අධ්‍යාපන කලාපයේ කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ පණ්ඩුල ජාතික පාස⁣ලේ දරුවන් 600 ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් ලාභී එමෙන්ම ගොවිතැන ජිවින උපාය කරගත් නිරන්තරයෙන් වන හේතුවෙන්…

තව කියවන්​න

දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාව මෙන්ම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් සැප්තැම්බර් 14 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව සදහන් කර ඇත්තේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ ණය අරමුදලේ පළමු සමාලෝචනය සඳහා බවද සදහන්.

තව කියවන්​න

ලෝක කාලගුණ විද්‍යා සංගමය මඟින් ලබා දුන් රේඩාර් පද්ධතියක් ගොන්ගල ප්‍රදේශයේ ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ අසාර්ථක ව්‍යාපෘතියක් නිසා රුපියල් මිලියන 78ක අලාභයක් රජයට සිදුවී ඇති බව, රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී පසුගියදා අනාවරණය වුණා. රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට 2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබද පරීක්ෂාව සදහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කැදවා තිබූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. එහිදී අදාල නිලධාරීන් ඒ පිළිබද මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා.

තව කියවන්​න

සීගිරි ආශ්‍රිත කලාපයේ සංචාරක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සීගිරිය ආශ්‍රිත කලාපය සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම, ආදායම් උත්පාදනය හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ඩොලර් මිලියන 15ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙයට සමගාමීව සීගිරිය වැව සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි සංවර්ධනය කිරීමට නියමිතයි . මීට අමතරව දඹුල්ල දිගම්පතන කසල කළමනාකරණ ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම සංවර්ධන සැලැස්මට ඇතුලත් වනවා.

තව කියවන්​න

නව ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලබා ගනු ලැබුවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්.ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන යන මහත්ම මහත්මීන් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඔවුන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගනු ලැබුවා .

තව කියවන්​න

විද්වතුන් රට හැර යාම බරපතල ගැටළුවක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා . ඔහු සඳහන් කලේ රජය මේ ගැටලුව විසඳීම සඳහා මැදිහත් විය යුතු බවයි . මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළා .

තව කියවන්​න