- ඩොලරයේ අගය ඉහළට
- විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි
- රජයට වුන තවත් පාඩුවක් හෙළිවෙයි
- සොබාධනවි ජාතික විදුලිබල පද්ධතියට
- නබිනායක තුමන්ගේ ඉගැන්වීමේ හරයෙන් සමාජයට ආදර්ශයන්-හරිනි අමරසූරිය
- ආණ්ඩුව රාජ්‍ය සේවකයින් අනාථ කරලා – සජිත්ගෙන් චෝදනා – VIDEO –
- එජාපයෙන් හදිසියේම පෙරළිකාර තීරණයක්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
Author: VNews
ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහය අදයි. ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද යැයි එළිදැක්වුයේ නැති නමුත් ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි. ඔවුන් දෙදෙනා පිළිබඳ බොහෝ දෙනා සෙවූ අතර ඒ කව්ද කියා මීට පෙර කාටවත්ම කීීීමට හැකි වුණේ නෑ . ඉතිං ශලනි V Fm අපෙනුත් ඔබට සුභ පැතුම් ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප සහ වීඩියෝව පහතින් බලන්න.
ගුවන් යානයක් පහත් කිරීමෙන් මීගමුව, කටානේ නිවාසවලට හානි සිදුව ඇති බවට පැවසෙන සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. මීට පෙර සිද්ධිය විමර්ශනය කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණ කණ්ඩායමක් පත් කළ බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ. ඔවුන් ලබාදුන් වාර්තාව පිළිබද ඇතැම් පාර්ශව සෑහිමකට පත් නොවීම හේතුවෙන් නැවත විද්වත් කමිටුවක් පත් කර විමර්ශනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
වී අලෙවි මණ්ඩලය සතුව වී තොග ඇත්තේ මාසයකටත් වඩා අඩු කාලයකට පමණක් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ වී කිලෝ ලක්ෂ 45 ක් වැනි ප්‍රමාණයක් දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින බවයි. වී නොලැබීම හේතුවෙන් වසා ඇති හම්බන්තොට වී ගබඩාව, ගොවි සංවිධාන මගින් ඉල්ලීමක් ලැබුණහොත් පමණක් විවෘත කිරීම සලකා බලන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ පිළිබදව සාකච්ඡා කිරිමට හෙට දින අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ.
හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම 08/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා. ක්‍රීඩකයින් 06 දෙනෙකු , එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම සමන්විත වී සිටියා. ඔවුන් මෙම තරගාවලියේ දී මීටර් 400 , මීටර් 400 × 4 සහාය දිවීම සහ හෙල්ල විසි කිරීම යන ඉසව් සඳහා සහභාගී වීමට නියමිතයි. කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරති. කාලිංග කුමාරගේ , අරුණ…
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. සිය වසර 15 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දුන්න ද, තමා තවදුරටත් 20යි 20 ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. වහබ් රියාස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27 ක්, එක්දින තරග 91 ක් හා 20යි 20 තරග 36 ක් ක්‍රීඩා කර තිබෙනවා.
සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ හදීසියේ හට ගත් ගින්නකින් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා. සාලියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ කරුවලගස්වැව අඩවිවන කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සාලියවැව පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.
ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා පැවසුවේ මේ වනවිට ඉදිකිරිම් ඇණහිට ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට ප්‍රමුඛතාව මත හඳුනා ගනිමින් සිටින බවයි. කොළඹ නගරයේ පමණක් මේ වනවිට නිවාස ව්‍යාපෘති 10 ක ඉදිකිරිම් ඇණහිට ඇති බව සඳහන් . එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ මහා පරිමාණ රථ ගාල් 3 ක ද ඉදිකිරීම් මෙලෙස ඇණහිට ඇති බවයි. ඒ සඳහා ආයෝජනය කළ ඉදිකිරීම් කරන ආයතනවලින් යළි ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා යෝජනා කැඳවා ඇති බව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා .…
බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. පසුගිය 8 වන දා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඒකක තුනෙන් එකක් බිඳ වැටීමට ලක් වුණා. ඒ හේතුවෙන් මේ දිනවල රට තුළ පවත්නා දැඩි නියඟය හේතුවෙන් උද්ගතව තිබෙන විදුලි උත්පාදනයට එල්ල වුණේ විශාල බලපෑමක්. ඉන් ජාතික ව්දුලිබල පද්ධතියට අහිමි වුණේ මෙගාවොට් 270 ක විදුලියක් බව ද සඳහන්. විදුලිබල මණ්ඩලය පැවසුවේ මෙම බිඳවැටීම් නිසා බලාගාරයේ ක්‍රියාත්මක වූයේ එක් ජනන යන්ත්‍රයක් පමණක් බවයි. කෙසේ වුවත් බිඳ වැටුණු විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්…
සුරිනාම් රාජ්‍යයේ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ සේවාව ශක්තිමත් කිරීම සඳහා ආධාර ලබාදීමට ඉන්දියාව ඉදිරිපත්ව සිටිනවා. ඒ අනුව සුරිනාම් රාජ්‍යයේ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ සේවා ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් දෙලක්ෂ 46, 852 ක් ආධාර වශයෙන් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන හවුල්කාරිත්ව අරමුදල විසින් ලබාදෙන සහයෝගීත්ව ආධාර මුදලක් ලෙස එය පරිත්‍යාග කර ඇතැයි ද සඳහන්. සුරිනාම් රාජ්‍යයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම මුදල ලබා දී ඇතැයි ද වාර්තා වනවා. සුරිනාම් රාජ්‍යයට ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානයක් සහ ස්වයංක්‍රීය ජල මට්ටම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම එම ව්‍යාපෘතියට ඇතුළත්.
2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා බවයි. වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222