Author: Kesara Athipola

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම අනතුරින් තවත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. මීටර් 70ත් 50ත් අතර ප්‍රමාණයේ මෙම දැන්වීම් පුවරුව මුම්බායි නගරයට බලපෑ හදීසි කුණාටු තත්ත්වයක් හේතුවෙන් කඩා වැටී ඇති බව සඳහන්. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. මේ අතර මෙම කුනාටු තත්වය හේතුවෙන් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර, එහිදී ගුවන් යානා 15ක් ආපසු හරවා යවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තේරීම් කමිටුවෙන් ඉල්ලූ කණ්ඩායම තමන්ට ලැබුණු බව ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා. කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා. එහිදී ලෝකකුසලාන තරඟාවලයේදී රට වෙනුවෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කර ගැනීම සඳහා ජනාධිපතිරයා එහිදී සුබ පැතුම් එක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 63 වැනි තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරඟ තීරකයන් කටයුතු කරනු ලැබුවා. තරඟය ඊයේ පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව තිබුණද අඛන්ඩව වර්ෂාව පැවතීම හේතුවෙන් මෙම තීරණය ගැනීමටයි කටයුතු කළේ. ඒ අනුව මෙම තරඟයේදී තරඟ වැදීමට නියමිතව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වුණා.

තව කියවන්​න

රජය විසින් රාජ්‍ය මුදල් වියදම් කරමින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කළද සමගි ජන බලවේගය සිය පෞද්ගලික වියදමින් එම වැඩපිළිවෙල සිදු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා සිට දිස්ත්‍රික් සම්මේලන ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම මේ වන විට ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානමින් සිටින බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තව කියවන්​න

සබරගමුව පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ දී පැය 04ක් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක් සිදුකිරීමට සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් තීරණය කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. මේ පිළිබඳ නිසි විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 22 වැනිදායින් පසු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කිරීමට සිදු වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සංන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ. පළාත් මට්ටමින් සිදු කරන වර්ජන ක්‍රියාවලිය උතුරුමැද පළාත කේන්ද්‍ර කරගනිමින ආරම්භ කළ අතර, ඊයේ දිනයේදී මෙම වර්ජනය ක්‍රියාවලිය මධ්‍යම පළාතේ රෝහල්වල සිදු කරනු ලැබුවා. මේ අතර මෙම වර්ජන ක්‍රියාවලිය සහ විසඳුම් ලබා දීම ගැන ජනාධිපති…

තව කියවන්​න

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එම අපරාධය වසන්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගැයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ඩොනල්ඩ් ලූ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින හවුල්කාරීත්වය…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පලස්තීන අර්බුදය පිළිබඳ කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න