Author: Kesara Athipola

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 අප්‍රේල් මාසය තුළ දී දේශීය, විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 469.5 ක් මිලදී ගෙන ඇත. එමෙන්ම ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ද අප්‍රේල් මාසය තුළදී මහ බැංකුව කටයුතු කර ඇති අතර 2024 අප්‍රේල් මාසය තුළදී මහ බැංකුව මිලදී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 419.5 ක්.

තව කියවන්​න

සංචාරක ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි. තෙවන දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම පන්දුවාර 37ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 108ක් ලබා සිටියා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 435ක් රැස් කළා. ඒ අනුව මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 129ක් පිටුපසින් පසුවනවා.

තව කියවන්​න

සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට ලබන 16 වැනිදා දක්වා දින තුනක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසනවා. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ඉල්ලා සිටින්නේ. එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් ලබන 27 වැනිදා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් සිදු කරන බව ද ඔහු සඳහන් කළා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 01 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න