- ගම්පහ සුසාන භූමියකින් ටී 56 ගිනි අවියක් සොයා ගැනේ
- උස්වැටකෙයියාව වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
Author: Kesara Athipola
තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් පදවිය වේල්සයේ කුමාරයා වන, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ දෙටු පුත් විලියම් කුමාරයා වෙත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඊයේ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති හමුදා උත්සවයක දී යි. මෙම තනතුර ලබාදීම මතභේදයට තුඩු දී ඇති පියවරක් ලෙසයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
මේ වසරේ ගතවූ මාස කිහිපය තුල , පසුගිය වසරට වඩා සිගරට් අලෙවිය පහත වැටී ඇති බව ශ්‍රී ලංකා දුම්කල සමාගම පවසනවා. එම සමාගම පෙන්වා දෙන්නේ බදු ඉහළ දැමීම, ජනතා ආදායම් පහත වැටීම සහ ආර්ථික මන්දගාමිත්වය යන කරුණු ඊට හේතු වී ඇති බවයි. ඒ අනුව ජනවාරි සිට මාර්තු මාසය දක්වා සිගරට් අලෙවියෙන් ලද ආදායම රුපියල් බිලියන 46.93 සිට රුපියල් බිලියන 45.85 දක්වා පහත වැටී තිබනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකා දුම්කල සමාගම පවසන්නේ බදු වැඩිකිරීම් හේතුවෙන් සිගරට් භාවිතා කරන්නන්ගෙන් වැඩි පිරිසක් බීඩි භාවිතයට හුරු ව ඇති බවයි.
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබුනා. ඒ අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි..
තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 31 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුනා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලුවක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රටේ ඇති වූ අරගලයකින් පසු මූල්‍ය හා ඉන්ධන අර්බුද වැනි ගැටලුකාරී වාතාවරණයක් පැවති කාලපරිච්ඡේදයක ජනාධිපතිවරයා විසින් 2022 වර්ෂයේ මැයි මාසයේ දී තමන්ට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර දුන් බවත් එය අභියෝගයක් ලෙස භාර ගෙන අකර්මන්‍ය ව පැවති පාසල් පෙළපොත් හා නිල ඇඳුම්…
2022 වසරේ ඇතිවූ ඉන්ධන අර්බුධය සිතා මතා නිර්මාණය කර ඇති බවට මේ වන විට හෙළි වෙමින් පවතින බව ප්‍රවාහන හා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පවසනවා. අද දින වී FM සිද්ධමුල්ල කාලීන වැඩසනහට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එම කාල සීමාව තුළ විශාල වශයෙන් ඉන්ධන පර්යන්තයෙන් පිටව ඇති බවයි. එමෙන්ම ඛනිජ තෙල් ගබඩා පර්යන්තයට අදාළ දත්ත අසාමාන්‍යය ආකාරයෙන් මැකීයාමක් පිළිබඳවද මන්ත්‍රීවරයා හෙළිදරවු කර සිටියා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් පල කළ ප්‍රවාහන හා බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222