Author: Kesara Athipola

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහි දී අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරන බව ද පැවසූ ජනාධිපතිවරයා නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (14) පෙරවරුවේ එක්වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අද (14) මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී අත්සන් කෙරිණි. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා ප්‍රමුඛ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරිණි. මහජන බැංකුව මෙම හවුල්කාරීත්වය යටතේ දැනට සිටින අපනයනකරුවන්ගේ අපනයන හැකියාවන් ඉහළ නැංවීමට, නව අපනයනකරුවන් දිරිමත් කිරීම සහ වක්‍ර අපනයනකරුවන් සෘජු අපනයනකරුවන් බවට ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපදේශන සේවා,…

තව කියවන්​න

වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදු කරනු ලබන සැරසිලි සඳහා පොලිතීන්, ප්ලාස්ටික් භාවිත නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී. වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතීන් ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකිය. එවැනි නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී විකල්ප රාශියක් පවතී. එබැවින් වෙසක් සැරසිලි සිදුකිරීමේ දී සෑම විටම පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිත කිරීමෙන් වැළකී පරිසර හිතකාමී ද්‍රව්‍ය පමණක් භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගත හැකිය.

තව කියවන්​න

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ දී පසුගිය 11දා සිදු කෙරිණි. දෙපාර්තමේන්තුව පිළිබඳ තොරතුරු, මහජන දැනුවත් කිරීම් සහ හින්දු , කතෝලික දෙපාර්තමේන්තුවල තොරතුරු ද මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය. ජනතාවගේ කාර්යය වඩාත් පහසු කර ගැනීම සඳහා මෙම වෙබ් අඩවිය නිර්මාණය කර එළිදැක්වීම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂ්රාෆ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ඉසෙඩ්.ඒ.එම්. ෆයිසාල්, සහකාර අධ්‍යක්ෂ එන්. නිලෝෆර්, හජ් කමිටු සභාපති ඉබ්‍රහිම් අන්සාර් යන මහත්වරු, වකුප් සභාවේ සාමාජිකයෝ, මුස්ලිම්, හින්දු…

තව කියවන්​න