Author: Kesara Athipola

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙත් රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට තමා වෙත ලැබීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන් ම හිමි වන බව සේමසිංහ මහතා පවසයි. නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවල යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය…

තව කියවන්​න

කේ.ඩී ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් වාරණ නියෝගයක් පනවා තිබෙනවා. ඒ අනුව කේ.ඩී ලාල් කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්, චන්දන සූරියආරච්චි ඇතුළු විරෝධතාකරුවන් පිරිසකටයි මෙලෙස විරෝධතාවයක් පැවැත්වීම වළකාලමින් අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වාරණ නියෝගයක් පනවා ඇත්තේ. වාරණ නියෝගයට අනුව ඩීන්ස් පාර, ටී.බී. ජයා මාවත, ටෙක්නිකල් හන්දිය, ඉබ්බන්වල හන්දිය ආශ්‍රිතව මහජනතාවට හෝ පදිකයන්ට බාධා කිරීම හෝ අවහිර වන අයුරින් කටයුතු කිරීම වළක්වා තිබෙනවා.

තව කියවන්​න

වසරේ ගත වූ කාලසීමාව තුළ පමණක් ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළා.

තව කියවන්​න

කර්මාන්ත අමාත්‍යාංශය මෙතෙක් සිදුකළ නිෂ්පාදන කර්මාන්ත ලියාපදිංචි කිරීම, මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමේ ඩිජිටල් මෙහෙයුම ජනගත කිරීම කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍යය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි. කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය, ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා යන ආයතන සමඟ එක්ව මෙම මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරයි. reg.industry.gov.lk යන දිගුව හරහා දිවයින පුරා විසිරී සිටින නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ක්ෂුද්‍ර, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත, කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමේ හැකියාව ලැබෙයි. රජය විසින් ලබාදෙන මූල්‍යමය සේවා, තාක්ෂණික සේවා, කළමනාකරන…

තව කියවන්​න

අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඊට අදාළ චක්‍රලේඛය ඉදිරියේ දී නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

තව කියවන්​න