Author: Kesara Athipola

සිර දඬුවම් ලබා සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් චෝදනාවකට අදාළව ඔහුට ඇප නියමවී ඇත. හිටපු අගමැති ඉම්රාන් පාකිස්තානයේ අගමැතිව සිටි කාලයේ දී නීති විරෝධී උපකාර සඳහා ත්‍යාග වශයෙන් දේපොළ වෙළෙඳාම්කරුවෙකු ලබාදුන් ඉඩම් සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වී තිබේ.

තව කියවන්​න

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුටම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා (13) යෝජනා කළේය. ඒ අනුව Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුට ම ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිතය. තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ…

තව කියවන්​න

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැලසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂා රෝහලේ දී අද (15) පෙරවරුවේ පැවැත්විණි. අක්කර 10 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති රෝහලේ දැනට ක්‍රියාත්මක මෙන්ම අවසන් අදියරේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ 2030 දක්වා වු කාලය තුළ ක්‍රියාත්ම කිරිමට යෝජිත සංවර්ධන ව්‍යාපෘති කඩිනම්ව සහ ක්‍රමවත්ව සිදු කිරීම පිළිබදව අවධානය යොමු කරමින් මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙහිදී ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශන කාර්යාංශයේ (CECB) (විශේෂ ව්‍යාපෘති) බලයලත් වාස්තු විද්‍යාඥ එච්.ඩබ්.පී චන්ද්‍රසිරි මහතා විසින් රෝහලේ යෝජිත ඉදිරි සංවර්ධන කටයුතු සිදු කෙරෙන ආකාරය, එම සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී පැන…

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2024 වර්ෂයේ වෙසක් උත්සවය නිමිත්තෙන් ‘’බුදු තෙමගුල අර්ථාන්විතව සමරමු’’මැයෙන් පාසල් සිසු සිසුවියන් සඳහා පද්‍ය රචනා තරඟයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත 6-8 ශ්‍රේණි : පළමු කාණ්ඩය, 9-11 ශ්‍රේණී: දෙවන කාණ්ඩය හා 12-13 ශ්‍රේණි : තෙවන කාණ්ඩය ලෙස කාණ්ඩ තුනක් යටතේ මෙම තරඟය පැවැත්වේ. මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන සිසු සිසුවියන් සිය නිර්මාණ පාසලේ විදුහල්පතිවරයා විසින් සනාථ කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ සාරධර්ම අංශයේ විද්‍යුත් තැපැල් ලිපිනය වන [email protected] වෙත හෝ තැපැල් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සාරධර්ම අංශය වෙත 2024 මැයි 20 දිනට පෙර යොමු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තව කියවන්​න

ටීනියා නැමති චර්ම රෝගය අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. රජරට ආශ්‍රිත ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල ඉහල යාමක් වාර්තා වන බවද සඳහන්. මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මින් පෙර දිනකට 1ක් රෝගියෙකු පමණ වාර්තා වූ නමුත් මේ වනවිට දෛනිකව රෝගීන් 25 දෙනෙකු පමණ රෝහල්ගතවන බව රෝහල් බලධාරීන් පවසනවා.

තව කියවන්​න