Author: Kesara Athipola
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේනය සමග සිදු කරන යුද්ධයට සහය ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙම සංචාරය ආරම්භ කර ඇති බවද වාර්තා වනවා. එහි දී රුසියානු ජනපති පුටින්, චීන ජනපති ෂි ජීං පින් හමුවීමට නියමිත අතර රුසියානු ජනපතිවරයා ලෙස පුටින් යලි පත්වීමෙන් පසු සිදු කරන පළමු සංචාරයද මෙයයි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් වල ඉහල යාමක් ඊයේ දක්නට ලැබුණා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83. 12ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 79. 03ක් ලෙසයි.
මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම් හරිස් මහතාගේ සහ මුස්ලිම් ප්‍රජාවගේ ඉල්ලීමට අනුව එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ උපන් ගම වන කල්මුණේ ප්‍රදේශයේ මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 25ක් වෙන් කිරීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා අදාළ ඉදිකිරීම් කඩිනමින්ආරම්භ කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අභාවප්‍රාප්ත එම්.එච්.එම්.අෂ්රෆ් මහතා දක්ෂ නීතීඥයකු, විශිෂ්ට නීති සම්පාදකයකු…
රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය. ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට…
මිනිස් ජාවාරම් කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය මඟින් උපරිම දඩුවම් පමුණු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කළේය. රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් යොමු කරමින් මිනිස් ජාවාරමේ නිරත බවට සැකපිට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීයෙකු ඇතුළු තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරඹා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222