Author: Kesara Athipola
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත. මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැක.
ඉන්දියානු සාගර ආශ්‍රිත රටවල සංගමයේ සභාපතිත්වය යටතේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, අයෝරා ව්‍යාපාරික සංසදයේ වත්මන් සභාපතිධූරය දරන ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන්, පළමු ව්‍යාපාරික සංසදය ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ මැයි 28 සිට 29 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. “තිරසාර වර්ධනය – වෙරළ ඉම් යාකිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ව්‍යාපාරික සංසදය, සුහුරු කෘෂිකර්මය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම්, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ කාන්තා සවිබල ගැන්වීම යන ප්‍රධාන අංශ කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අයෝරා සාමාජික රටවල් අතර ශක්තිමත් ආර්ථික හවුල්කාරිත්වයන් සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ක්ෂේත්‍රවල පුරෝගාමීන්ට අවස්ථාවක් ලබාදීම මෙම සංසදයේ අපේක්ෂාවයි. අයෝරා…
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
පසුගිය සමයෙහි දී පාසල් සිසුන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව වාර්තා වූ බවත්, මෙම ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බවත් පසුගියදා රැස් වූ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී හෙළි විය. මේ අතර දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ සමඟ ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදු වී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222