Author: Kesara Athipola
ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) ඊයේ සිදු කෙරිණි. මෙහිදී විමල් වීරවංශ මහතා විසින් සාහිත්‍යසූරී, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සොනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප‍්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙනිය, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රංජන් යන විද්වතුන්ට කෘතිය පිළිගන්වනු ලැබිණි.
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය හා එක් ව තිබෙනවා. ඒ ප්‍රේමදාසගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් බවද සඳහන්. සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ගම්පහ – රතුපස්වල ප්‍රදේශයේ 2013 වසරේ පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පුද්ගලයින් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් 45 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බි්‍රගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 4 දෙනෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.
67 වැනි ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹ දී රැස් විය. රැස්වීම අතරතුර ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුවේ නිල ලාංඡනය එළි දැක්වීම ද ආරක්‍ෂක ලේකම්වරයා අතින් සිදුකෙරිණ. “Renewed commitments, strengthening partnerships towards a resilient community” යන තේමාව යටතේ ආපදා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමේ අරමුණින්, ලෝක ආහාර වැඩසටහනේ පුර්ණ සහයෝගය සහිතව මෙම හමුව පවත්වන ලදි. ඒ අනුව, මෙම සැසිය හරහා ආපදා අවදානම අවම කිරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට ජාතික මට්ටමේ සංවාදයක් සඳහා අවස්ථාව සපයයි. මෙහි දී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම…
ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනයවෙමින් පවතින පූර්ව මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව සඳහන් කරමින් එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222