Author: Kesara Athipola

අභිලාශ කැඳවීම මත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලැබුණු යෝජනා සහ ව්‍යපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ (16) සිදු විය. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙනි. විවිධ ආයතනවලින් ලබා ගැනීමට ඇති අනුමැතියන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතා, සම්ප්‍රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික ඇගයීම් බලපත්‍ර සහ අනෙකුත් නීතිමය අවසරයන් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ මෙහි දී අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ.

තව කියවන්​න

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ(16) අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ වසරේ මුල්කාර්තුවේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉතා සතුටුදායක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහි දී අනාවරණය විය. 2024 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා වූ මුල් කාර්තුවේ දී ආයෝජන අයදුම්පත් 35 ක් ලැබී ඇත. මින් 29 ක් නව ව්‍යාපෘති වන අතර 6 ක් පවතින ව්‍යාපෘති පුළුල් කිරීමට අදාළ වේ. මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3230.2කි. එය 2023 වසරේ මුල් කාර්තුව හා සැසදීමේ දී 300%ක වර්ධනයක් වේ.

තව කියවන්​න

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එක් ගමකට රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණ වන අතර ඔවුන්ට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම, දේශීය වෙළෙදපළ මෙන්ම අපනයනය ඉලක්ක කරමින් කෘෂිකාර්මික කටයුතු සිදු…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ විශාලතම මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ ප්‍රතිමාව විවෘත කිරීම මැයි මස 20 වන දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. පූජාපිටිය, දිවානවත්ත ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ අභිනවයෙන් ඉදි කරන ලද අඩි 34ක් උසැති මෙම ප්‍රතිමා වහන්සේ එහි විහාරාධිපති උඩරට අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක රාජාංගනයේ සෝරත හිමියන්ගේ අනුශාසනා පරිදි ඉදි කොට තිබේ. රුපියල් මිලියන 08ක වියදමින් ඉදිකොට ඇති මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ඩබ්ලියු. එම්. ආරියරත්න කලාකරුවා විසිනි. පිළිමය විවෘත කිරිමේ අවස්ථාවට සමගාමීව මෙත් බෝ වන්දනා ග්‍රන්ථය දොරට වැඩුම සහ බෝධි පූජාවක් පූජ්‍ය බටගල්ලේ ධම්මරතන හිමි සහ පූජ්‍ය දියසෙන්පුර විනීත හිමියන්ගේ ප්‍රධානත්වයෙන්…

තව කියවන්​න

මෙරට වැඩබලන මියන්මාර තානාපතිනි ලෙයි යි වින් මහත්මිය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (16) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ හරහා මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සහ ආර්ථික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා. මියන්මාරයේ යැන්ගුන්හි මේ වසරේ පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවට සහභාගි විය හැකි බවද මෙහිදී වැඩබලන මියන්මාර තානාපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

වෙසක් උත්සවයට සමගාමීව පවත්වන දන්සල්වල ආහාර පාන පරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින්නෙම් ඒ පිළිබඳව වහාම ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය මහජනතාවට දැනුම්දී තිබෙනවා. වෙසක් සමයේ පවත්වනු ලබන දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නිරතුරුව පරීක්ෂාවට ලක් කිරීමට සූදානම් බව එම සංගම් පවසනවා. ඇතැම් දන්සල් නියමිත ප්‍රමිතියෙන් පවත්වාගෙන නොයන බවට මහජන සෞඛ්‍ය පරීකෂකවරු චෝදනා කරනවා.

තව කියවන්​න