Author: Kesara Athipola

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කරන ලදි. ඒ අනුව දින 03 ක් පුරා ක්ෂේත්‍ර නිරික්ෂණය කිරීමෙන් අනතුරුව ලබාගත් දත්ත හා තොරතුරු පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ඇතුලු නියෝජිත පිරිස ඊයේ (17) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි. මෙහිදී ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා රෝග මර්දනය සහ පාලනය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ඉතා විශිෂ්ට මනා කළමණාකරණයකින් සහ සාධනීය මට්ටමක…

තව කියවන්​න

මෙරට පළමුවරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (17) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ Global CEO forum සංවිධානය විසිනි. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වුයේ මෙරට ව්‍යවසායකින් දිරිගැන්වීම මෙන්ම ජාතික ආර්ථීක සංවර්ධනයට වැඩි දායකත්වයක් ඔවුන්‌ගෙන් ලබාගැනීමයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස රට හැර යන තරුණ දක්ෂ ව්‍යවසායකින් රට තුළ රඳවා ගැනීමට ද හැකියාව ලැබේ.

තව කියවන්​න

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරෙන “ධර්ම රශ්මි” පොසොන් කලාපය – දෙවන වරටත් හෝමාගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තව කියවන්​න