Author: Kesara Athipola

ඉරාන ජනපති ඉබ්‍රාහිම් රයිසි මහතා මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී තිබේ. ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අදදින සිටඉදිරිදිනකිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, වයඹසහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් 12.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක. දකුණු පළාතේ විටින්විටහමනපැ.කි.මී. (30-40)කපමණතරමක් තදසුළංඇතිවියහැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…

තව කියවන්​න

දසවන ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් 364 දරණ යානයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව ගියා. අද සිට අනිද්දා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගිවන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ ගේ ආරාධනයක් අනුවයි.

තව කියවන්​න

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම…

තව කියවන්​න

දූෂණ වංචා අවම කිරීම වෙනුවෙන් තාක්ෂණය සහ මාර්ගස්ථ ක්‍රම මඟින් ගනුදෙනු සිදු කරන සාර්ථක වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සඳහන් කළේය. වැටුප් වැඩි කිරීම ඇතුළු විවිධ ඉල්ලීම් සිදුකරන රාජ්‍ය සේවකයන් තම යුතුකම ද නිසි ලෙස ජනතාවට ඉටුකළ යුතු බවත් දේශපාලන තන්ත්‍රය මඟින් සිදු කළ හැකි වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. විවෘත හා වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ…

තව කියවන්​න