Author: Kesara Athipola
වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් ඊයේ (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ. පූජ්‍ය මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය හෝමාගම ධම්මකුසල හිමිපාණන් වහන්සේ විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව” වැඩීම පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි. මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු…
නව අධ්‍යක්ෂවරයෙක් යටතේ “විශේෂ තැලසීමියා ජාතික ව්‍යාපාරයක්” කඩිනමින් ආරම්භ කිරීමටත්, ජාතික තැලසීමියා කවුක්සිලය ද යළි සක්‍රීය කිරීමටත්, පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. තැලසීමියා රෝගයට ජාතික වශයෙන් ගෙනයන ව්‍යාපාරයක් නොමැති හෙයින් නව අධ්‍යක්ෂවරයෙක් යටතේ තැලසීමියා පිළිබද විශේෂ ජාතික ව්‍යාපාරයක් කඩිනමින් ආරම්භකරන බවත් , ජාතික තැලසීමියා කවුක්සිලය ද නැවත සක්‍රීය කරමින් ප්‍රතිකාර හා පාලන කටයුතු ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර තැලසීමියා දිනයට සමගාමීව කුරුණෑගල සංවිධානය කරතිබූ ජාතික උත්සවයට සහභාගි වෙමිනි.
2024 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනය.
වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සදහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇත. ඒ අනුව වනාන්තර විනාශ නොකර මෙරට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලය තුළ ගනු ලැබූ පියවර යුරෝපා සංගමය විසින් ඇගයීමට ලක් කර ඇති බව පසුගියදා මෙරට සංචාරයේ නිරත වූ සුප්‍රකට මිචලින් කර්මාන්ත සමුහයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම නියෝජිත පිරිස පසුගිය දා (17)…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222